ඉOග්රීසි භාෂාවෙන් පළ කළ නොහැකි අදහසක් පළ කිරීමට වුවමනා වූ විට ඔවුන් එකහෙලා පිහිට සෙව්වේ ග්රීක භාෂවෙනි.

විශේෂයෙන්ම විද්යා අදහසක් ප්රකශ කරනු සදහා..ඉOග්රීසියෙහි වචන හිග වන විට ඔවුන් දිව්වේ ග්රීසියටය.
මේ අතින් ඉOග්රීසි භාෂාව පමනක් නොව බොහෝ යුරෝපීය භාෂාවන් ස්වකීය වාග් මාලා වල වර්දනය සම්බන්ධයෙන් ග්රීකයන්ට ණය ගැතිය....

ග්රීක භාෂාව ඈත අතීතයේ පටන් කෙතරම් පොහොසත් සහ සුඛනම්ය භාෂාවක් වීද කිවහොත් රැවුල බෑම සදහා එකල ඉOග්රීසියෙහි වචනයක් නොතිබුණු හෙයින්, ඔවුන් ඒ සදහා පාවිච්චි කලේ ග්රීක බසින් ණයට ගත් පොග්නොටොමි(POGNOTOMY) යන පදයයි...

ඉතිහාසයෙහි හෙළි වන පරිදි ක්රිස්තු පූර්ව 400 වන විට ග්රීසියේ ඉහළ පැලැන්තියේ පුද්ගලයන්ගේ රැවුල නිතිපතා කපනු සදහා කරණවෑමියෝ හෙවත් බාබර්ලා සේවයේ යෙදී සිටියහ.

ග්රීකයන්"පොග්නොටොමි" යනුවෙන් හැන්දින් වූයේ මේ රැවුලකැපීමේ ශාස්ත්රයයි..

හැබැයි එදා මිනිසුන්ගේ රැවුල කපනු සදහා පාවිච්චි කරන ලද්දේ කොටකිණිසි වැනි ආයුධ වර්ගයකි. බොහෝ ග්රීකයන් මෙන්ම රෝමයන්ද රැවුලකැපීමට වඩා රැවුල වැවීම ඇගට ගුණදායක බව තේරුම් ගත් නිසා දෝ බාබර්ලාගේ කිනිස්සට මුහුන පෑවේ ටික දෙනෙකු පමණි...

රැවුල කැපීමේ ශාස්ත්රය අළලා ප්රචලිතව ඇති තවත් රසවත් ඓතිහාසික සිද්දීන් ද නත්තේ නොවේ.... මීට වසර 3000කට පමණ පෙර දකුනු ඇමෙරිකාවේ පීරු දේශයේ විසූ 'ඉන්කා' නමැති ගෝත්රයට අයත් පුද්ගලයෝ රැවුල කපනු සදහා ග්රීකයන්ගේ කිණිස්සට වඩා දියුණු හා තියුණු ආයුධයක් පාවිච්චි කලහ. ඉන්කාවරුන්ගේ 'දැළිපිහිය' ග්රීකයන්ගේ කිණිස්සට වඩා දියුණු තත්වයක පවතුණු බවපෙනේ...

ඉන්කා දැළිපිහියේ මුවහත තිබුනේ එක පැත්තක පමණි. අදුරු කොලපහැති පාෂාණ වර්ගයකින් තැනූ මේ දැළිපිහියේ කැපෙන පැත්ත බිදුණු වීදුරු තහඩුවකට සමානය.

එහෙත් අවාසනාවකටමෙන් සියලු ඉන්කා වරුන් රැවුල බෑ යුතු බවට රජයෙන් පනවා තිබුණි. ඒ නිසා රැවුල තියා බෙල්ල කැපී ගියත් ඉන්කා ජාතිකයාට ඒ කටුක පිහියට මුහුණ පෑමට සිදු විය... :p

ග්රීකයන් හා ඉන්කාවරුන් පාවිච්චි කළේ ඒ කඨෝර හා ගොරෝසු 'දැළිපිහි' මෙකළ පවත්නා කාර්යක්ෂම උපකරණ බවට පත්වීමට ශතවර්ශ ගණනාවක් ගතවිය.

විසි එක් වන ශතවර්ශය වන තුරුම බාබර්ලා අතින් කැපුනේ පිරිමින්ගේ රැවුලට වඩා මුහුණය.

එබදු අන්තරායකින් තොරව රැවුල බෑමේ භාග්යය අපට උදා වූයේ "සේෆ්ටි රේසර්" නමින් හදුන් වන අනතුරු විරහිත වර්තමාන දැලිපිහිතල නිපදවීමෙන් පසුවය.

මේ නව දැලිපිහිතලය වුවද ඇතම් විට අනතුරුදායක නොවූයේ නොවේ.
මුහුනේ සමට කිසිදු ආපදාවක් සිදුනොවන ආකාරයෙන් වත්මන් මිනිසාට රැවුල බෑමට හකිවූයේ දෙවන ලෝක යුද්ධය පටන් ගැනීමට වසර ස්වල්පයකට පෙර පටන්ය. එදා නිපද වූ ඒ සම්පූර්ණ ආරක්ෂා සහිත "දැළිපිහිය" නම් විදුලි බලයෙන් ක්රියාකරන රැවුල කපන යන්ත්රයයි... නැත්නම් ඉතින් අපිටත් බුදුසරණයි.....!!! Ooopz...!!

copyrights © dksljets

Comment

You need to be a member of TechnoHug.net to add comments!

Join TechnoHug.net

Dulith Kasun Comment by Dulith Kasun on September 15, 2009 at 11:22pm
thanx :D
Malinda Alahakoon Comment by Malinda Alahakoon on September 5, 2009 at 8:10pm
Wow man this is cool..
Dulith Kasun Comment by Dulith Kasun on July 18, 2009 at 9:23am
hehee..!!!
Good Internet User Comment by Good Internet User on July 12, 2009 at 10:24pm
just wax you're hair ,

my රැවුලට will never grows up again. It's really a unwanted thing for the advanced human beings.
our civilizations are still developing and changing.
Dulith Kasun Comment by Dulith Kasun on July 12, 2009 at 7:48pm
ekane kiyanne...
sahan maldeniya Comment by sahan maldeniya on July 11, 2009 at 5:01pm
බෙල්ල බෙරෙනවනම් රැවුලට හෙන ගැහුවත් කමක් නෑ
AmilaDG Comment by AmilaDG on July 6, 2009 at 7:49am
පට්ටයි ආ...

Badge

Loading…

Latest Activity

yesterday
Akila Ishan Gunarathna updated their profile photo
yesterday
chamila updated their profile
yesterday
Isuru Chathuranga Mathangaweera is now a member of TechnoHug.net
on Saturday
I WANT TO BELIEVE
on Friday
PASINDU SIRIWARDANA added a song
 play 06-Hello
04:08
on Friday
lakshitha prasard thenabadu, gayan suranga, gemxia and 1 more joined TechnoHug.net
on Thursday
Write Less,Do More!!!
on Thursday
chatura perera and Shyam are now friends
on Thursday
gemxia added 2 blog posts
on Thursday
gemxia added a discussion
I have passed the  Oracle 1Z0-054 exam ,and I have noticed that there are only 85 real questions in the real test of Oracle Database 11g: Performance Tuning,but I used Examkiller material to prepare for the test, there are 192 Questions in Examkille…
on Thursday
thank you!
on Wednesday

© 2010   Created by TechnoHug on Ning.   Create a Ning Network!

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service